ඇමතිගේ සැර උත්තරය වැදී විපක්ෂ පළා යයි

ඇමතිගේ සැර උත්තරය වැදී විපක්ෂ පළා යයි

මෙරට අධිකරණ පද්ධතියේ සහ යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය කරන අනෙකුත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ආණ්ඩුව යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනවලට එරෙහිව සජිත් ප්‍රේමදාස ඊයේ (18) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර ලබා දුන් පිළිතුරු හමුවේ අන්ත අසරණ බවට පත් වී සිටිනු නිරීක්ෂණය විය.

අධිකරණ ඇමති සඳහන් කළේ දේශපාලනික වශයෙන් සියදිවි නසා ගන්නා ක්‍රියාමාර්ගවලට විපක්ෂ නායක නොයා යුතු බවය. යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව 2015 / 2016 කාලයේ සිට පවතින්නක් බවත්, විපක්ෂය සහ ඇතැම් කණ්ඩායම් එක් වී ගෙන යන ප්‍රචාරවලින් මැවීමට උත්සාහ කරන යක්කු මෙම ප්‍රතිසංස්කරණවල නැති බවද ඔහු අවධාරණය කළේය.

අධිකරණ පද්ධතියේ ගොඩ ගැසී තිබෙන නඩු පිළිබඳ සවිස්තර දත්ත මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය. 2025 දෙසැම්බර් 31 වෙන විට මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 753,093ක් ද, දිස්ත්‍රික් අධිකරණවල 263,472ක් ද, අපරාධ මහාධිකරණවල 28,134ක් ද ගොඩ ගැසී තිබූ බව හෙළි කළේ ය. එමෙන් ම, සිවිල් අභියාචනාධිකරණවල 6,763ක්, වාණිජ මහාධිකරණවල 4,302ක් අභියාචනාධිකරණයේ 5,138ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ 4,724ක් ගොඩ ගැසී තිබෙන බව පෙන්වා දුන්නේ ය. එදින වෙන විට ගොඩ ගැසී තිබූ නඩු සංඛ්‍යාවේ එකතුව 1,065,256ක් වී තිබිණි.

මෙම පැහැදිලි කිරීමෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු දස දෙනෙකුවත් පාර්ලිමේන්තුවේ ඉතිරි නොවූ බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෞශල්‍යා ආරියරත්න සිය කතාවේදී පෙන්වා දුන්නේය.

Facebook
Twitter
LinkedIn