මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ මුදල් ඇමති ලෙස සිටි 2012 වසරේ දී ලංකා බැංකුවට රුපියල් 19,375ක පොලු තැබීමට ඉඩ හැර තිබූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති සහ මුදල් ඇමති ලෙස මෙම වසරේ මුල් මාස 5 තුළ රජයේ සමස්ත අයවැය රුපියල් කෝටි 19,700ක අතිරික්තයක් බවට පත් කර ගැනීමට සුවිශේෂී ජයග්රහණයක් අත්කර දී තිබේ.
ඩිව් ගුණසේකර කෝප් කමිටුවේ සභාපති ධුරය දරමින් සිටි සමයේ 2013 දී නිකුත් කළ වාර්තාවකින් හෙළි කර තිබෙන්නේ එක් ණය වාරිකයක් හෝ නොගෙවා ලංකා බැංකුවට පොලු තැබූ මුදල රුපියල් 193,757,482,076ක් (රුපියල් බිලියන 193.7) වී තිබූ බව ය. මෙහි සුවිශේෂීම කාරණය වන්නේ එක් ණය වාරිකයක් හෝ නොගෙවා සිටීමට තරම් අතිශය ප්රබල දේශපාලන මැදිහත්වීමක් මෙම පොලු තැබීම් පසුපස තිබූ බවයි.
මේ අතර, වත්මන් ජනාධිපතිවරයා යටතේ මෙරට ආර්ථිකය ගොඩනගමින් සිටීමේ ඓතිහාසික ජයග්රහණයක් ලෙස මෙම වසරේ ගෙවී ගිය මුල් මාස 05 තුළ රජයේ සමස්ත ආදායම සහ සමස්ත වියදම අතර රුපියල් කෝටි 19,700ක අයවැය අතිරික්තයක් වාර්තා කර තිබීමයි. රජයේ සමස්ත පුනරාවර්තන වියදම් සහ ණය ආපසු ගෙවීම් සහ ප්රාග්ධන වියදම් සියල්ලම දැරීමෙන් පසුව මෙම අතිරික්තය නිර්මාණය කර ගත හැකිව තිබේ.










