වෙනිසියුලාවේ රජයට මුල්‍ය අරමුදලෙන් මිලියන 346ක් !

වෙනිසියුලාවේ රජයට මුල්‍ය අරමුදලෙන් මිලියන 346ක් !

පසුගිය දා වෙනේසුවේලාව මුහුණ දුන් දරුණු භූමිකම්පාවලින් 5,000කට වැඩි පිරිසක් මිය යාමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF) විසින් එරට ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා ඩොලර් මිලියන 346ක් ලබා දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. දීර්ඝ කාලයක් ඇමරිකානු සම්බාධක මත ජිවත්වන වෙනිසුවෙලාවේ නව ජනාධිපතිනි Delcy Rodriguez  ද්විත්ව භූමිකම්පාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාවිතා කිරීම ඉලක්ක කරමින් එක්සත් රාජධානිය විසින් අවහිර කළ එරටට අයත් රත්‍රන් ටොන් 30ක් නිදහස් කරන ලෙස එංගලන්ත රජුගෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ. මේ අතර එක්සත් ජනපදය විසින්ද වෙනිසියුලාවට එරෙහි පනවා ඇති ආර්ථික සම්බාධක මාස හතරකට අත්හිටුවා ඇති බව නිවේදනය කර ඇත.

වෙනිසුවේලාව පුරා හට ගත් මෙම ද්විත්ව භුමි කම්පාව නිසා ඇති වූ කම්පනවල බලපෑම නිසා එරට ගොඩනැගිලි දහස් ගණනක් (59000) හානි වී, ප්‍රායෝගිකව වාසයට නුසුදුසු තත්වයට පත් වූ හෝ නැතහොත් සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක් විණි. මේ හේතුවෙන් වෙනිසියුලාවේ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව පසුගිය ජුලි 17 වන සිකුරාදා වන විට 5,000 ඉක්මවා ගොස් ඇත. විශේෂයෙන් ලා ගුයිරා ප්‍රාන්තයේ තත්පර 39ක් ඇතුළත ඇති වූ රික්ටර් මාපකයේ 7.2 සහ 7.5ක භූමිකම්පාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5,069ක් මිය ගිය බව වෙනේසුවෙලාවේ ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්රිගස් විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාවකට අනුව වාර්තා වේ. ඇති වූ භූමිකම්පාවලින් පුද්ගලයින් 16,740ක් ද තුවාල ලැබූහ.

ද්විත්ව භූමිකම්පාවෙන් දින දෙකකට පසු එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවකට අනුව අතුරුදහන් වූ සංඛ්‍යාව 50,000 දක්වා ළඟා විය හැක. නිවාස නොමැති පුද්ගලයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් දැන් ක්‍රීඩාංගණවල, පොදු චතුරශ්‍රවල සහ අගනුවර වන කැරකස් අසළ ජනප්‍රිය මුහුදු වෙරළ අවට නිවාඩු නිකේතනවල හා පදික වේදිකාවල පවා ඉදිකර ඇති තාවකාලික කඳවුරුවල සිරවී ජීවත් වේ.

මේ අතර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්‍ය අරමුදල (IMF) ඩොලර් මිලියන 346ක් වෙනේසුවේලාවට ලබා දීමට තීරණය කර ඇත. මීට කලින් මෙම ණය මුදල අත්හිටුවා තිබුණේ මූල්‍ය ආයතනය හිටපු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ පත්වීම නීත්‍යානුකූලභාවය පිලිගැනීම ප්‍රතික්‍ෂේප කරලීම නිසාවෙනි. 2026 ජනවාරි මාසයේදී එක්සත් ජනපදය හමුදා මෙහෙයුමකින් ජනාධිපති මදුරෝ බලයෙන් පහ කිරීමෙන් පසු 2019 සිට අත්හිටුවා තිබූ වෙනිසියුලාව සමඟ ඔවුන්ගේ සබඳතා නැවත ආරම්භ කරන බව IMF සහ ලෝක බැංකුව අප්‍රේල් මාසයේදී නිවේදනය කළේය.

මෙම හදිසි ණය මුදල “නිවාස, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්” ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වලට “සහාය” වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටි.

වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනි Delcy Rodriguez, බදාදා නිවේදනය කළේ, එංගලන්තයේ III වන චාල්ස් රජුගෙන් එක්සත් රාජධානිය විසින් එරට බැංකු තුළ රඳවාගෙන සිටින වෙනිසියුලානු රත්‍රන් ටොන් 30ක් එරෙහි සම්බාධකවල කොටසක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවත්ය. එමඟින් ද්විත්ව භූමිකම්පාවෙන් පසු එරට ප්‍රතිසංස්කරණයන් සඳහා එම සම්පත් භාවිතා කළ හැකි බවට මහා බ්‍රිතාන්‍ය බලධාරීන්ට ඇය විසින් අවධාරණය කර ඇත. දැවැන්ත ප්‍රමාණයේ සුන්බුන් ඉවත් කිරීම, නිවාස නොමැති අයට නිවාස ලබා දීම, මූලික අත්‍යවශ්‍ය සේවා ප්‍රතිසංස්කරණය කිරීම සහ මාර්ග සහ ගුවන් තොටුපළ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම යන අංශ මෙහිදී ප්‍රමුඛ මැදිහත්වීම් ලෙස ඇය තම ලිපියෙන් අවධාරණය කර ඇත.

“එංගලන්ත බැංකුවල රඳවා ඇති රත්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා එංගලන්තයේ රජුට ලිපියක් යැවීමට මම තීරණය කර ඇත්තෙමි. මෙම රත්‍රන් අයත් වනුයේ අපේ රටේ ජනතාවට වේ. භූමිකම්පාවේ ප්‍රතිවිපාක සමඟ කටයුතු කිරීමට මෙම රත්‍රන් අපට අවශ්‍යයි” යයි ඇය එරට රූපවාහිනියෙන් ජාතිය අමතමින් හෙළිකර සිටියාය.

එසේම ජුලි 17දා වෙනෙසුවේලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ (OCHA) පැවැති රැස්වීමකදී ද්විත්ව භූමිකම්පාවෙන් පසුව, රට යලි ගොඩ නැගීම සඳහා ලොව පුරා සිර කර ඇති සියලුම වෙනෙසුවේලාවට අයත් නිශ්චල හා චංචල දෙපළ වත්කම් නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ජනවාරි මස මුලදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනේසුවේලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගත් දා සිට, ඇමරිකාව හා වෙනෙසුවේළාව අතර රාජතාන්ත්‍රික සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. එක්සත් ජනපද පරිපාලනය අන්තර්වාර ජනාධිපති Delcy Rodriguezහට දැඩි ලෙස සහාය දක්වන අතර විශේෂයෙන් වෙනිසුවේලාවේ දැවැන්ත තෙල් සම්පත් අත්පත් කරගැනීම වේගවත් කිරීම සඳහා ක්‍රමයෙන් එරටට පනවා ඇති සම්බාධක ද ඉවත් කරමින් සිටී.

ද්විත්ව භුමි කම්පා නිසා එරට තෙල් නිෂ්පාදනය නතර වී නොමැති අතර දැනටමත් දිනකට බැරල් 1,203,000ක් ලෝක වෙළඳපලට ලබා දේ. වරක දකුණු ඇමරිකාවේ “සවුදි වෙනිසියුලාව” ලෙස නම් කරන ලද වෙනිසියුලාව දශක දෙකකට පෙර නිෂ්පාදනය කළ බැරල් මිලියන 03කට වඩා බොහෝ සෙයින් අඩු අගයක් වර්තමානයේ නිෂ්පාදනය කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තා වලට අනුව, භූමිකම්පාවලින් සිදු වූ හානිය අවම වශයෙන් ඩොලර් බිලියන 07ක් හෝ වෙනිසියුලාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් ලෙස ගණන් බලා ඇත. මෙම මූලික ඇස්තමේන්තුවට මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිවිපාක ඇතුළත් නොවේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයේ (USGS) ඇස්තමේන්තු වලට අනුව, හානිය ඩොලර් බිලියන 10 සිට ඩොලර් බිලියන 100කට ආසන්න විය හැකිය.

කෙසේවෙතත් භූමිකම්පා හේතුවෙන්, හදිසි ආධාර නිවේදන වැඩි වී ඇත. එක්සත් ජනපදය එහි ද්විපාර්ශ්වික ආධාර ඩොලර් මිලියන 300 දක්වා දෙගුණ කර ඇත. මෙම අරමුදල් රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ ආයතන සඳහා පමණක් වෙන් කර ඇති අතර රටේ අවශ්‍යතාවයන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් නියෝජනය කරයි. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වෙනිසියුලාවට එරෙහිව සම්බාධක තාවකාලිකව අත්හැරීමක්ද ලබා දුන් අතර එමඟින් එහි රජයට භූමිකම්පා සහන සම්බන්ධ මූල්‍ය ගනුදෙනු මෙන්ම එක්සත් ජනපදය විසින් අවහිර කරනු ලබන ගනුදෙනු ද සිදු කළ හැකිය.

රටේ අනාගතය සඳහා තවත් ප්‍රධාන ගැටළුවක් වන්නේ වෙනිසියුලාවේ බාහිර ණය නැවත සාකච්ඡා කිරීමයි. එය IMF තවමත් සම්බන්ධ වී ආරම්හ කර නොමැති කරුණකි. දින කිහිපයකට පෙර, වෙනිසියුලාවේ රාජ්‍ය ණය ඩොලර් බිලියන 240 දක්වා ළඟා වී ඇති බව ෆිනෑන්ෂල් ටයිම්ස් හෙළි කළ අතර එය පෙර ඇස්තමේන්තු මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. කෙසේවෙතත් පසුගිය වසරට වඩා 20%කින් තම තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට වෙනෙසුවෙළාව සමත් වී ඇති අතර එමගින් රටේ උද්ධමනයද 6.3%කින් අඩු කර ගැනීමටද සමත් වී තිබේ.

Facebook
Twitter
LinkedIn