හොල්මන් වන ඡන්ද ප්‍රතිඵලයක්…

හොල්මන් වන ඡන්ද ප්‍රතිඵලයක්…

ශ්‍රී ලංකාවේ උපරිමාධීකරණ විණිසුරුවරුන්ගේ සහ ප්‍රාථමික අධිකරණ විණිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට සළකා බලමින් සිටින බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමග යම් පිරිසක් සංවිධානාත්මක විකෘති සහ ද්වේශසහත ප්‍රකාශ රැසක් ගෙනයනු ලැබීය.

එම තත්වය හමුවේ යූ ටියුබ් නාලිකා කිහිපයක ඔන්ලයින් මත විමසුමක් ක්‍රියාත්මක කර තිබේ.

භාරත තෙන්නකෝන්, තරිඳු ජයවර්ධන සහ බීබීසී ලෝක සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සරෝජ් පතිරණ යන මෙම මත විමසුම දියත් කර තිබිණි. මේ අතරින් සරෝජ් පතිරණ පවත්වාගෙන යන මත විමසුම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කර ඇත. අද (20) සවස 5.45 වනවිට එම මත විමසුමට සහභාගී වූ පිරිසගෙන් 79%ක් ප්‍රකාශ කර තිබුණේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පක්ෂ වන බවය.

එම මත විමසුමටම ඉදිරිපත් වූ පිරිසෙන් 06%ක් ප්‍රකාශ කර ඇත්තේ අනෙක් රජයේ සේවකයින්ගේද විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවය. එමෙන්ම තවත් 9%ක් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර විනිසුරු පුරප්ප්පාඩු සියල්ල පිරවිය යුතු බව තවත් 9%ක් සඳහන් කර ඇත. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමත් සමගම විධායක ජනපති ක්‍රමයද අහෝසි කළ යුතුය යන්න ප්‍රකාශ කර ඇත්තේ 5%ක් පමණි.

මෙම මත විමසුම සිදු කරමින් සිටින්නේ, පසුගිය 04 වෙනි දින, අපේක්ෂිත නීතිඥයින් පිරිසගේ සහභාගිත්වයක් නොමැතිව වුවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හදිසි මහ සභා රැස්වීමක් පවත්වා එවැනි විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට විරෝධය පල කරමින් ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන තිබියදීය. එමෙන්ම අධිකරණ සේවා සංගමයද පසුගිය 11 වෙනි දින මෙවැනි හදිසි මහ සභා රැස්වීමක් ඝණපූර්ණය නොමැතිව පවත්වා ඊට විරෝධය පල කරමින් යෝජනාවක් සම්මත කර ගෙන තිබිණි.

එමෙන්ම තවත් පිරිසක් අගවිනිසුරුගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව සඳහන් කරමින් විකෘති ප්‍රචාරද යවා තිබෙන පසුබිමක එයට සමගාමීව යමින් තම සමාජ මාධ්‍ය අවකාශ තුළ ආණ්ඩුවේ සියුම් කරුණු පවා දැඩි ලෙස විවේචනය කරන මාධ්‍යවේදියෙකු වන සරෝජ් පතිරණ පවත්වාගෙන යන මත විමසූමේදී දින දෙකක් තුළ ලැබී තිබෙන මෙම ප්‍රතිඵලය බොහෝ විචාරකයින්ගේ අවධානය යොමු වී ඇත.

එම මත විමසුමට අදාළ සැබැඳීය පහතින් දැක්වේ

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම (ඔබේ මතය පිළිතුරු අතර නැත්නම් කොමෙන්ටුවක් ලෙස ඔබේ අදහස දක්වන්න)

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්