පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයෙන් ආජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ගෝල් 1:0 ලෙසින් ජයග්‍රහණය ලැබීය.
ක්‍රීඩා විචාරකයින් සහ ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානය යොමු වී තිබුණේ ආජන්ටිනාව මෙවර ලෝක කුසලානය දිනා ගනු ඇති බවට ය. ඇමරිකාවේ සත්කාරකය ඇතිව පැවැත්වූ මෙවර ලෝක කුසලානය ස්පාඤ්ඤය හිමි කර ගත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් කරමින් බව විචාරකයින් පෙන්වා දෙති.
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධී ස්ථාවරයක ස්පාඤ්ඤය සිටියේය. එවැනි පසුබිමක ඇමරිකාව තුළ දී ස්පාඤ්ඤය ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් කෙසේ දරා ගන්නට ඇත්දැයි විචාරකයින්ගේ කතා බහට මාතෘකාවක් වී තිබේ. මෙම අවසන් තරඟය පිළිබඳව සිරස රූපවාහිනිය අද උදෑසන වින්දන ආරියවංශ සමඟ කළ සමාලෝචනය පහත දැක්වේ.
640










