අත්අඩංගුවට ගත් House of Fashions හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් House of Fashions හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

“හවුස් ඔෆ් ෆැෂන්ස්” (House of Fashions) ආයතනයේ හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනයකට අදාළව රේගු නිලධාරීන් පිරිසක් විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

කෙසේ වෙතත්, අත්අඩංගුවේ පසුවෙද්දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර ඇත්තේ, සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ ඔහුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ අනුවය.

“හවුස් ඔෆ් ෆැෂන්ස්” (House of Fashions) ආයතනයේ හිමිකරු ප්‍රීති ජයවර්ධන මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

Facebook
Twitter
LinkedIn