මහින්ද රාජපක්ෂගෙන් විජේදාස රාජපක්ෂ ළඟට ලොකු පිම්මක්

මහින්ද රාජපක්ෂගෙන් විජේදාස රාජපක්ෂ ළඟට ලොකු පිම්මක්

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ලැබුණු ප්‍රබල ඔත්තුවක් අනුව නිමල් ලන්සාගේ නිවස වැටලූ ආරක්ෂක අංශ පළවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත් වූ ඉතිහාසයේ ඊළඟ පුරුක අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ දක්වා විහිදී ගිය ආකාරය නිරීක්ෂකයන් පෙන්වා දෙති.

පසුගිය කාලයේ අත්තඩංගුවට ගෙන විමර්ශන සිදු කරන සම්පත් මනම්පේරි, නිමල් ලන්සාගෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජපක්ෂ පවුලේ ප්‍රබලතම සමීපතමයා වී සිටියේ ය. එවැනි ජාවාරම් කල්ලිවලින් කප්පම් ගත් රඛිත නිර්මල රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාගේ පුත්‍රයා වීම තවත් දේශපාලන ප්‍රබල සාධකයක් වී ඇත.

ඔහුව අත්තඩංගුවට ගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ විජේදාස රාජපක්ෂගේ නිවසට ගොස් ඔහු සමඟ සාකච්ඡා කළ බව වාර්තා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ අධිකරණ අමාත්‍යවරයා වූයේ විජේදාස රාජපක්ෂ ය.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම ආරක්ෂක අංශවලට තොරතුරු සැපයූ බව චෝදනා කරමින් දෙදෙනෙකු ඝාතනය කර ඉන්පසුව බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු ඝාතනය කරමින් මහා ව්‍යසනයක් සිදු කර ඇත්තේ පාතාල කණ්ඩායම් සහ මෙතෙක් පැවති ආණ්ඩුවල ප්‍රබලයින් අතර පෙර කී දැඩි සම්බන්ධතාවයක් පැවති පසුබිමක බව නිරීක්ෂකයින් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn