ජාතික රෝහලේ අලුතින් පිහිටුවන ලද හෘද කැතිටර්කරණ රසායනාගාර ද්විත්වය සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය, නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කර තිබේ.
මෙම නව ඒකක ස්ථාපිත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව මෙන්ම විධිමත්ව සිදු කිරීමේ නව වැඩපිළිවෙළක් ලෙස, රුපියල් මිලියන 600කට අධික ආයෝජනයක් යටතේය.
කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණයෙන් යුත් මෙම නවීන පද්ධති මඟින්, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින්, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප ලබා ගැනීමට හැකියාව ලැබෙන බව පැවසේ.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, මෙම සතිය තුළ පමණක් රුපියල් මිලියන 1,200ක වියදමින් රජයේ රෝහල් පද්ධතියට නවීනතම තාක්ෂණයෙන් යුත් නව කැත් රසායනාගාර 04ක් එක් කර තිබේ.
කොළඹ ජාතික රෝහලට 03ක්, අනුරාධපුර ශික්ෂණ රෝහලට 02ක්, යාපනය ශික්ෂණ රෝහලට, කලුබෝවිල ශික්ෂණ රෝහලට, නුවර මහ රෝහලට, කුරුණෑගල ශික්ෂණ රෝහලට, බදුල්ල මහ රෝහලට, මඩකලපුව මහ රෝහලට, රත්නපුර ශික්ෂණ රෝහලට, ගාල්ල ජාතික රෝහලට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් රෝහලට එක බැගින්ද ඇතුළුව දිවයිනම ආවරණය වන පරිදි මෙවැනි රසායනාගාර 16ක් ලබා දීමට නියමිතය.










