සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකාට එරෙහිව එම පක්ෂය තුළ දැඩි මතයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර සිටි චරිත් අබේසිංහ පාතාල නායකයෙකුගෙන් කප්පම් ගැනීම සම්බන්ධයෙන් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පදනම් කර ගෙන මෙම නව ගැටුම නිර්මාණය වී ඇත.
එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් ගණනාවක් ලක්ෂ්මන් ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කර ඇති බවත්, චරිත් අබේසිංහ වැනි තවත් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු ඇති වී ඇති බවත් වාර්තා වේ.
937









