ආණ්ඩුව තීරණාත්මක කඩඉම් තුනක් පසුකරයි

ආණ්ඩුව තීරණාත්මක කඩඉම් තුනක් පසුකරයි

බලයේ සිටි ආණ්ඩුවල සිටි ප්‍රබල දේශපාලනඥයින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බිහි කර වර්ධනය කරමින් පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකාව වෙලා ගත් චෞර රාජ්‍යයේ බල කණු තුනකට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

මහජන මුදල් හිතුමතයේ අවභාවිතා කළ රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, පාස්කු ඉරුදින එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ අත්තඩංගුවට ගැනීම දක්වා විමර්ශන දියත් කර තිබීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමඟ රඛිත නිර්මල රාජපක්ෂ වැනි පැවැත්වූ සම්බන්ධතා විමර්ශනයට ලත් කිරීම එම කඩඉම් තුන බව විශ්ලේෂකයන් සඳහන් කරති. රනිල් වික්‍රමසිංහ අත්තඩංගුවට ගැනීම රූබිකන් නදිය තරණය කිරීමක් බව නීති ප්‍රවීණයන් පෙන්වා දී තිබූ අතර, සැබවින් ම රූබිකන් නදිය තරණය කිරීම ආදේශ කළ හැක්කේ පාස්කු දින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේව අත්තඩංගුවට ගැනීම බව තවත් නිරීක්ෂකයන් පිරිසක් පෙන්වා දී තිබිණි.

මේ අතරට, අලුතින් ම එක් වී තිබෙන හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම ධුරයේ සිටිය දී ඔහුගේ පුත් නීතිඥවරයෙකු ද වන රඛිත නිර්මල රාජපක්ෂ පාතාල නායකයන්ගෙන් කප්පම් ගැනීම සම්බන්ධ විමර්ශන සිදු කිරීමත් පාර රාජ්‍යයේ බලය සිඳලීමේ ප්‍රමුඛ පියවර බව තවත් විශ්ලේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

වත්මන් රජය ගෙන යන මෙම ක්‍රියාමාර්ග පිළිබඳව පොදු ජනතාවගේ ප්‍රසාදය දිනෙන් දින වේගයෙන් ඉහළ යමින් තිබේ.

Facebook
Twitter
LinkedIn