මැදපෙරදිග ඇවිලී ගිය ඉරාන හා ඇමරිකා යුද්ධය අවසන් කරමින් ජුනි 14 වන ඉරිදා ජිනීවාහිදී යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. මෙම අවබෝධතා ගිවිසුම යටතේ ඉරානයට එරෙහිව පනවා ඇති ඉරාන තෙල් අපනයනය යලි ආරම්හ කිරීම, ආර්ථික සම්බාධක ක්‍රමයෙන් ඉවත් කිරීම, රඳවාගෙන ඇති ඉරාන විදේශ වත්කම් මුදා හැරීම, ලෙබනනය ඇතුළු සමස්ථ කලාපය පුරා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම යන කොන්දේසි අන්තර් ගත බව ඇමරිකානු ආරංචි මාර්ග පෙන්වා දේ.
කෙසේ වෙතත් මෙම ගිවිසුම මගින් ඉරානය යලි ශක්තිමත් වන බවට ඊශ්‍රාලය තම කනස්සල්ල ට්‍රම්ප් වෙත පල කර තිබෙන බවද වාර්තා වේ. නමුත් ට්‍රම්ප් පවසන්නේ ගිවිසුම සඳහා කලාපයේ සියළු රටවල් තම කැමැත්ත පල කර ඇති බවයි. ඉරාන අර්බුධය සම්බන්ධයෙන් ඊශ්‍රාලය සහ වොෂින්ටනය අතර ගැටුම් ඇති වී ඇති වී තිබෙන අතර , “ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට බොහෝ පොදු අවශ්‍යතා තිබුනද නමුත් අපගේ අවශ්‍යතා වෙනස් වන අවස්ථා ද තිබේ,”යයි එක්සත් ජනපද උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් පසුගිය දා පවසා සිටියේය.
මේ අයුරින්ම ජුනි 8 වන සඳුදා, මාස දෙකකට පෙර එකඟ වූ බිඳෙනසුලු සටන් විරාමය නොතකා ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු ප්‍රහාර නැවත ආරම්භ කිරීමෙන් පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපාර්ශ්වයටම “වහාම වෙඩි තැබීම නවත්වන ලෙස” ඉල්ලා සිටියේය. ඊට පෙර දින, එක්සත් ජනපද ජනාධිපතිවරයා බෙන්ජමින් නෙතන්යාහු වෙත මෙම ඉල්ලීම කර තිබුණද, එය සාර්ථක නොවූ බව ඇක්සියෝස් පුවත් පත් සේවය වාර්තා කර සිටියේය. ජුනි මස මුලදී, නැවතත්, NEWYORK POST විසින් තහවුරු කරන ලද ඇක්සියෝස් වාර්තාවට අනුව, නායකයින් දෙදෙනා අතර ඉතා උද්වේග සහගත වචන හුවමාරුවක් ඇති වී තිබිණි.
ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් නෙතන්යාහුට
“ඔබ සම්පූර්ණයෙන්ම පිස්සෙක්. මා නොමැති වූවා නම් ඔබ සිටින්නේ සිරගෙදර. ඔබව බේරා ගන්නේ මමයි. දැන් හැමෝම ඔබට වෛර කරනවා. ඔඅබගේ අනිසි ක්‍රියා මාර්ග නිසා ලොව සැවොම ඊශ්‍රායලයට වෛර කරනවා.”පවසා සිටි බව අදාළ මාධ්‍ය ආයතන හෙළි කර සිටියේය.
ඒ අනුව වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාම ගිවිසුමක් ඉරිදාට පෙර ජිනීවාහිදී මුද්‍රා තැබිය හැකි බව බටහිර මූලාශ්‍රයක් සිකුරාදා රොයිටර් පුවත් සේවයට පැවසූ අතර, සම්මුතියේ කොන්දේසි තවමත් අවසන් කළ යුතු බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දේ. ඊයේ ජුනි 11 වනදා දිනයේ ට්‍රම්ප් විසින් යලි ප්‍රහාර එල්ල කරමින් ඉරානයේ සමස්ථ තෙල් සම්පත අත්පත් කරගන්නා බවට කරන ලද අනතුරු හැඟවීමට පිළිතුරැ වශයෙන් ඉරානය විසින් ද ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමෙන් පසුව ඉරාන පාලන තන්ත්‍රය හා ඇමරිකාව මෙම ගිවිසුමට එකඟ වී ඇති බව වාර්තා වේ.
බටහිර මූලාශ්‍ර වලට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවේ කේන්ද්‍රීය කරුණ විය යුතුව තිබුනේ න්‍යෂ්ටික අවි නිෂ්පාදන ගැටළුව වුවත් එය ආමන්ත්‍රණය කිරීමක් කිසිදු ඇමරිකානු බලධාරියෙක් ප්‍රකාශ නොකළ නමුත් ගිවිසුම අත්සන් කිරීමෙන් දින 60ක් ඇතුළත මෙම විෂය පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව ද IRNA ප්‍රවෘත්ති ඒජන්සිය මේ අතර වාර්තා කර සිටි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන පාලන තන්ත්‍රය සමඟ “විශිෂ්ට” සාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දින මෙම වර්ධනයන් සිදු වෙමින් පවතී. ගිවිසුම අත්සන් කළ වහාම හෝමූස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් නැවත විවෘත කරන බවට ධවල මන්දිරය සහතික වේ. ගිවිසුම අත්සන් කිරීම සඳහා ට්‍රම්ප් සහභාගී නොවන නමුත් එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ට එක්සත් ජනපදය වෙනුවෙන් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බකර් කලීබාෆ්ට ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් සහභාගි වනු ඇත.
ගිවිසුම අත්සන් කිරීමෙන් දින 60ක් ඇතුළත න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වෙන බවට සිදු කරන සහතිකය පිළිබඳව ඊශ්‍රාලය තවමත් සැක පල කරයි. අවබෝධතා ගිවිසුමේ මෙම ගැටළුව ආමන්ත්‍රණය කර නොමැති වීම හේතුවෙන් නව ගිවිසුම මගින් ඉරානය යලි තම සන්නද්ධ හා න්‍යෂ්ටික බලය ප්‍රවර්ධනය කර ගනු ඇතැයි ඊශ්‍රාලය බිය පල කර සිටි. ඉරානය විසින් 60%ක් දක්වා වැඩි දියුණු කල යුරේනියම් තොගවල ඉරණම, ඉරාන බැලස්ටික් මිසයිල වැඩසටහන සහ කලාපයේ හිස්බුල්ලා, හාමාස්, හුට්සි ගරිල්ලා සන්නද්ධ සංවිධාන සඳහා ටෙහෙරානයේ සහාය, මෙම අදියරේදී පැහැදිලි කැපවීම්වලට භාජනය වී ඇති බවක් නොපෙනෙන බව නෙතන්යාහු ගේ අගමැති කාර්යාලය පෙන්වා දේ. කෙසේවෙතත් මේ වන විට ඩොලර් බිලියන 3ක විදේශ වත්කම් ඉරානයට අබුඩාබිය හරහා ඇමරිකාව ලබා දී ඇති බව අබුඩාබි මාධ්‍ය වාර්තා කර සිටියේ ඊශ්‍රාලය තව දුරටත් අපහසු තාවයට පත් කරමිනි.
නව ගිවිසුමට අනුව හෝමූස් සමුද්‍ර සන්ධියේ අනාගත පරිපාලනය, ටෙහෙරාන් සහ ඕමානය අතර ඒකාබද්ධ තීරණ හරහා කලාපීය කාරණයක් ලෙස හසුරු වීමට නියමිතව ඇත. එසේම ඉරානය වටා යොදවා ඇති හමුදා ඉවත් කර ගැනීමට සහ නාවික අවහිර අවසන් කිරීමට ඇමරිකාව එකඟ වී ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය සමුද්‍රීය ගමනාගමනය සඳහා නැවත විවෘත කරන බවත් ඉරාන තෙල් අංශයට පනවා ඇති සම්බාධක ඉවත් කරන බවත් ගිවිසුමේ සඳහන් වේ.
එසේම අද උදෑසන හෝමූස් සමුද්‍ර සන්ධියේ වාණිජ යාත්‍රාවලට ප්‍රහාරයක් ඉරාන හමුදා මගින් එල්ල කරන ලද අතර එක්සත් ජනපද හමුදා ඉරාන ඩ්‍රෝන යානා දෙකක් වෙඩි තබා බිම දැමූ බව එක්සත් ජනපද නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය. ඉරාන හමුදා විසින් තෙල් නැවක් හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීම වැළැක්වූ බව එයට පිළිතුරු ලෙස ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියහ.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉරානයේ බෙමානි දිස්ත්‍රික්කයේ ජල සංචිත බලාගාර දෙකක් විනාශ කිරීමෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පෙන්ටගනය පවසා සිටි. ගල්ෆ් කලාපයේ මුර සංචාරයේ යෙදී සිටි ඇමරිකානු අපාචි හෙලිකොප්ටරයක් ඉරානය විසින් බිම හෙළීමෙන් පසු දියත් කරන ලද ප්‍රහාරවල කොටසක් ලෙස, ජුනි 9 වන අඟහරුවාදා සිට ජුනි 10 වන බදාදා දක්වා රාත්‍රියේ පානීය ජල යටිතල පහසුකම් හිතාමතාම ඇමරිකාව විසින් ඉලක්ක කල බවට ඉරාන බලධාරීන් ඇමරිකාවට චෝදනා කරනු ලබයි.
මේ අතර ඊයේ දිනයේ බොරතෙල් මිල යලි ඉහල ගියද වොෂින්ටනය සහ ටෙහෙරාන් අතර ආසන්න ගිවිසුමක් පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇතිවීමත් සමග ප්‍රධාන යුරෝපීය කොටස් වෙලඳපොලවල මිල ගණන් සිකුරාදා වන විට යලි ඉහළ ගියේය.










