ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑ කුණාටුවකින් පුද්ගලයින් 104 දෙනෙකු මිය ගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
එමෙන්ම නිවාස රැසකටද කුණාටුවෙන් දැඩි හානි සිදුව තිබේ.
මෙම පිරිස මියගොස් ඇත්තේ ගස් හා ගොඩනැගිලි කඩා වැටීම් සහ අකුණු සැර වැදීම් හේතුවෙනි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික් 12කින් පමණ මරණ වාර්තා වී ඇති බවද සඳහන් වේ.
දැවැන්ත දැන්වීම් පුවරුවක් සුළගට කඩා වැටීමත් සමග එය අල්ලා ගෙන සිටි පුද්ගලයෙකු මීටර් 50ක් පමණ ඉහළ අහසේ විසි වී යන ආකාරයද මාධ්‍ය වාර්තා කර තිබිණි.
ගස් කඩා වැටීම් හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධා පැමිණ ඇති අතර පොලිසිය හා ආපදා ප්‍රතිචාර කණ්ඩායම් සහන කටයුතුවල නිරත වි සිටින බවද වාර්තා වේ
ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ප්‍රාන්තය ලෙස උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය සැලකෙන අතර ටජ්මහල පිහිටා ඇත්තේද මෙම ප්‍රාන්තයේ.
366










