ඇමරිකා-ඉරාන සාම සාකච්ඡාවල දෙවැනි වටයක් පාකිස්ථානය යෝජනා කරයි

ඇමරිකා-ඉරාන සාම සාකච්ඡාවල දෙවැනි වටයක් පාකිස්ථානය යෝජනා කරයි

මැදපෙරදිග යුද්ධ අවසන් කර සාමය උදා කිරීම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා ඉදිරියේදී යළිත් ඉස්ලාමාබාද් හි දී පැවැත්වීමට පකිස්ථානය යෝජනා කර තිබේ.

එම දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ, මේ වනවිට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාම කාලය අවසන්වීමට පෙර මෙම සාකච්ඡා වටය ආරම්භ කරනු ඇති බවය.

ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය 11 වෙනිදා යුද්ධය සම්බන්ධයෙන් පළමු වටයේ සාකච්ඡාවක් පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්විණි.

කෙසේවෙත් එය එකඟතාවයකින් තොරව අවසන් විය.

පසුගිය පෙබරවාරි 28 වෙනිදා ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම යුද්ධය හටගත් අතර මාසකට අධික කාලයක් මෙම යුද්ධය පැවැත්විණි. කෙසේ වෙතත් මේ වනවිට සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක නමුත් ඊශ්‍රායලය විටින් විට ප්‍රහාර දියත් කරනු දක්නට ලැබීමද විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්