රාජපක්ෂලාගේ වැඩට අලි සබ්‍රිගෙන් අතුල් පහරක්

රාජපක්ෂලාගේ වැඩට අලි සබ්‍රිගෙන් අතුල් පහරක්

ලෝකයට ම දරුණු ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබෙන යුද්ධය හමුවේ අවස්ථාවාදී දේශපාලනයක යෙදී සිටින නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂය ගෙන යන ප්‍රචාරවලට පිටුපා හිටපු ඇමතිවරයෙකු ද වන නීතිඥ අලි සබ්‍රි යථාර්ථවාදී විග්‍රහයක් කර තිබේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝගය ජල ගැනීමට ජනප්‍රියවාදී නොවන ක්‍රියාමාර්ග ගණනාවක් කඩිනමින් ගැනීමට සිදු වී තිබෙන බවයි. ඒ අතර, වාහන ආනයනය මුළුමනින් ම නතර කිරීම, සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීම, ඒ මගින් බලශක්ති පරිභෝජනය අවම මට්ටමකට ගැනීම සහ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම හදිසි කටයුත්තක් බව පෙන්වා දී ඇත.

ඊට අමතරව, කෙතරම් දුෂ්කර තත්වයන් පැවතිය ද, ඒ සියල්ල දරා ගනිමින් සතියේ දින 5ම රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වා ගෙන යන අතර සමස්තයක් ලෙස රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරීත්වය හැකි ඉහළම ධාරිතාවකින් පවත්වා ගෙන යා යුතු බව පෙන්වා දී ඇත. ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා ලෙස කටයුතු කළ ඔහු එම ආණ්ඩුවේ අධිකරණ, විදේශ සහ ආර්ථික සංවර්ධන ඇමති ලෙස ද ක්‍රියා කළ අලි සබ්‍රි ඉදිරිපත් කර තිබෙන මෙම යථාර්ථවාදී අදහස් පිළිබඳ බොහෝ විචාරකයන්ගේ පැසසුම් හිමි වෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn