වැඩතහනමට ලක් වූ චමින්දගේ පෙත්සම – කථානායක සමතවීම ප්‍රතික්ෂේප කරයි

වැඩතහනමට ලක් වූ චමින්දගේ පෙත්සම – කථානායක සමතවීම ප්‍රතික්ෂේප කරයි

තමන් සමතයකට පත්වීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බවඑ කථානායක වෛද්‍ය ජගත් ගුණවර්ධන ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණටය දන්වා ඇත.

ඒ, වැඩතහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීය.

එහි දී කථානායක වෛද්‍ය ජගත් ගුණවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනග්-ඊශ්වරන් පෙනී සිට ඇති අතර, නඩුව කරුණු තහවුරු කිරීම සදහා 2026 ජූනි මස 02 දින කැඳවීමට නියම කර ඇත.

එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් සමතයක් නොමැති බව කතානායක වෙනුවෙන් අධිකරණයට දන්වා තිබේ. සභානායක බිමල් රත්නායක සහ ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන සහ නීතිඥ නයිජල් හැච්, අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් නගන බව නැවත අවධාරණය කර ඇත.

තවත් වගඋත්තරකරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිට ඇති අතර ඔහු මීට, නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණ බලය සම්බන්ධයෙන් ඔහු නගන මූලික විරෝධතාවය පිළිබද කරුණු දක්වා තිබිණි.

පාර්ලිමේන්තු මහ ලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවාද සහකාර පාර්ලිමේන්තු මහ ලේකම් හංස අබේරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවෙරද සොයිසාද පෙනී සිටි අතර, මින් පෙර අවස්ථාවෙ දී කථානායක වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිගේ සේවය ලබා ගෙන තිබුණද ඊයේ දින කථානායක විසින් ජනාධිපති නීතිඥ කනග්-ඊශ්වරන්ගේ සේවය ලබා ගෙන තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්