නේපාලයේ නව අගමැති ලෙස බාලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

නේපාලයේ නව අගමැති ලෙස බාලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

පසුගිය වසරේ නේපාලයේ ඇති වූ විරෝධතාවලින් පසු එරට පැවැත්වූ පළමු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් බාලේන්ද්‍ර ෂා නේපාලයේ අගමැති ලෙස අද (27) දිවුරුම් දී තිබේ.

ඔහු වෘතීය රැප් ගායකයෙකු මෙන්ම ඉංජිනේරුවරුයෙකුද වේ.

වයස අවුරුදු 35 බාලේන්ද්‍ර ෂා සිය ධුරයේ වැඩ භාර ගැනීමට පෙර නේපාලයේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහිතව ගීතයක් නිකුත් කිරීමටද කටයුතු කර තිබේ.

1990 වසරේ කත්මණ්ඩු නුවර නරදේවි හි උපත ලබා ඇති ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු, කත්මණ්ඩු නුවරින් සහ පසුව දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් ඉංජිනේරු උපාධි ලබාගෙන ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති විරෝධතා අතරතුර බාලේන්ද්‍ර ෂා එරට තරුණයන් අතර ජනප්‍රිය වූ අතර, පසුව ඔහු මැතිවරණයට ඉදිරිපත් වී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්