ටෙක්සාස් ඉන්ධන සංකීර්ණයක දරුණු පිපිරීමක්

ටෙක්සාස් ඉන්ධන සංකීර්ණයක දරුණු පිපිරීමක්

ඇමරිකා එක්සත් ජනපදයට අයත් ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්ධන පිරිපහදු සංකීර්ණයක දරුණු පිපිරීම් කිහිපයක් ඇති වී ගිනිගනිමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය හදිසි ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබේ.

මෙම පිරිපහදුවෙන් දිනකට තෙල් බැරල් තුන්ලක්ෂ අසූ දහසක් (380,000)ක් බෙදාහරින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වනවිට ඒ පිළිබඳ සජීවී දර්ශන අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර ගින්න නිවීමට අදාළ දර්ශන කිසිවක් දැක ගත නොහැකිය.

මෙය ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර තිබෙන යුද්ධයට සම්බන්ධතාවයක් පවතින්නේද නැතිනම් හදිසි අනතුරක්ද යන්න පිළිබඳව තවමත් කරුණු වාර්තා කර නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්