මෙම 2026 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 1.6%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙබරවාරි මාසය සඳහා වන වාර්තාව නිකුත් කරමින් සඳහන් කරන්නේ, එය 2026 ජනවාරි මාසයේ දී 2.4%ක් ලෙස වාර්තා වූ බවය.
එසේම 2026 ජනවාරි මාසයේ දී 3.4%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2026 පෙබරවාරි මාසයේ දී 1.1%ක් දක්වා අඩුවී ඇත.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) පෙබරවාරි මාසය සඳහා 1.9%ක් දක්වා වැඩිවී ඇති බව වැඩිදුරටත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
270










