මෙරට ඉන්ධන බෙදා හැරීමේ පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබා දීමේ දී ඒ වෙනුවෙන් පෙනී සිටි මැති ඇමතිවරු ඇතුළු පිරිස ජනතාව නොමග යවමින් ප්‍රකාශ කළේ තරගකාරීත්වය තුළින් මිල අඩු කර දෙන බව ය.
රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ හවුල් පාලන සමයේ දී මෙරටට ගෙන්වා ගත් සයිනොපෙක් සමාගම මේ වනවිට ඉන්ධන සඳහා ඉහළම මිලක් නියම කර තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 487ක් සහ සුපිරි ඩීසල් ලීටර් එකක් රුපියල් 572ක් දක්වා ඉහළ දමා ඇත. මේ නිසා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඇති වෙන ඉල්ලුමේ පීඩනය වේගයෙන් ඉහළ යන අතර, සමස්තයක් ලෙස ඉන්ධන සම්බන්ධයෙන් පවතින අවදානම පිළිබඳ පහත වීඩියෝවෙන් හෙළි කෙරේ.
556










