USA දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතයා ජනපති හමු වෙයි

USA දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතයා ජනපති හමු වෙයි

මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor සහ ජනාධිපති අනුර දිසානායක අතර හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, මැදපෙරදිග යුදමය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපති මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ  Sergio Gor සමඟ පැමිණි නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn