සජිත්ට කාන්තාවකගෙන් අපලයි…

සජිත්ට කාන්තාවකගෙන් අපලයි…

නාමල් රාජපක්ෂගේ අසාර්ථක ලන්ඩන් සංචාරයෙන් පසුව ඔහුගේ බිරිඳ සමාජ මාධ්‍යයේ විශාල ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම දේශපාලන සැලසුමක කොටසක් වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.

ඔවුන්ගේ අනුමානය වී ඇත්තේ නාමල් රාජපක්ෂගේ බිරිඳ දේශපාලනයට හඳුන්වා දීමේ ආරම්භක ප්‍රචාරය ඡායාරූප මගින් දියත් කර ඇති බවය. මෙම තත්වය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ප්‍රබල දේශපාලන අවුලක් ඇති කරනු ඇතැයිද මත පළවෙමින් තිබේ.

කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල පොහොට්ටු හිතවාදී ශිෂ්‍යයන් කිහිප දෙනෙකු සූදානම් කර තිබූ හමුවීම් ක්‍රියාත්මක කිරීමට නොහැකිවන බව දැන දැනම නාමල් රාජපක්ෂ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස ලන්ඩන් නුවර සංචාරයේ යෙදුණු අනාගත දේශපාලන විකල්ප ආයෝජනයක් දියත් කිරීමේ පූර්ව සැලසුමක් ඇතිව බව එම විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

Facebook
Twitter
LinkedIn