ව්‍යවසායකත්ව සහ සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ජාතික ආයතනය (NIESBUD) විසින් සංවිධානය කරන නායකත්ව පුහුණු සහ ශක්‍යතා සංවර්ධන වැඩසටහනක් සඳහා මෙරට දේශපාලන පක්ෂවල තරුණ ක්රියාකාරියන්ට ලැබුණු ආරාධනාවක් මත ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සිව් දෙනෙකු සහභාගී වී තිබේ.
මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා ලද ආරාධනාවක් අනුව ලංකාවේ දේශපාලන පක්ෂ 11ක පමණ දමිළ මුස්ලිම් ජාතිකත්වයේ තරුණ නායකයින් 25කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වී සිටී.
එම වැඩසටහන සඳහා ජාතික ජන බලවේගයේ මන්නාරම දිස්ත්‍රික් කමිටු සාමාජික මෙන්ම සමාජවාදී තරුණ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් සංවිධායක ඉෆාස් මොහොමඩ් සජිත්, යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් බටහිර ආසනයේ ජාතික ජන බලවේගයේ කමිටු සාමාජික සත්ගුණසිංගම් අතීතන්, මහනුවර පන්විල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ඉලක්කු ස්වාති, නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ ආගරපතන ආසන කමිටුවේ සාමාජික අරුන් ඥාණසේගරම් යන සිව්දෙනා මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වී සිටිති.
පසුගිය 23 වනදා ආරම්භ කළ එම වැඩසටහන ලබන 27 වනදා තෙක් දින 04ක් පැවැත්වේ.













