පොලිස් පාතාලයෙක් CID අත්අඩංගුවට !

පොලිස් පාතාලයෙක් CID අත්අඩංගුවට !

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ වෙනුවෙන් තම නිලය යොදාගත් ජගත් නිශාන්ත නැමැති හිටපු පොලිස් පරීක්ෂක රටින් පලාගොස් සැඟවී සිට නැවත පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (23) දහවල් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රධාන සැකකරුවෙකු වී සිටින වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඝාතනය වීම සහ තවත් සංවිධානාත්මක අපරාධ ගණනාවක් සම්බන්ධයේන අධිකරණ වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකි.

ගෝටාබය රාජපක්ෂ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රැකවරණය යටතේ මොහු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි බවටද චෝදනා එල්ල වී තිබේ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග මොහු රටෙන් පලා ගොස් සැඟවී සිටියේය.

ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු කිසිදු චෝදනාවක් නොමැතිව නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙක් ලෙසද ජගත් නිශාන්ත ක්‍රිය කර තිබිණි. එවකට ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටි අතර ශානි අබේසේකර ඇතුළු පිරිසට පසුව බොරු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ බව අධිකරණයේදී ඔප්පුවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්