ජාතික මට්ටමේ ඡන්දයකින් නාමල්, සජිත් කුමන්ත්‍රණ කල්ලිය කුජීත වෙයි…

ජාතික මට්ටමේ ඡන්දයකින් නාමල්, සජිත් කුමන්ත්‍රණ කල්ලිය කුජීත වෙයි…

විගණකාධිපතිවරයෙකු පත්කර ගැනීමට ජනාධිපති අනුර දිසානායක විසින් යෝජනා කරන ලද නම් ප්‍රතික්ෂේප කළ නාමල්, සජිත් කුමන්ත්‍රණ කල්ලිය ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ නිල වරණයේදී අන්ත පරාජයකට පත්වී ඇත.

පසුගිය 18 වැනි දින එම නිලවරණය පවත්වන ලද අතර, එම සංගමයේ 67 වැනි සම්මේලනයට සමගාමීව නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීය.

ජනාධිපති විසින් යෝජනා කරන ලද නම් ප්‍රතික්ෂේප කිරීමට ක්‍රියා කළ කුමන්ත්‍රණකාරී කණ්ඩායමට නායකත්වය දුන් අමිල ජානක එම සංගමයේ සභාපති ධුරය සඳහා තරග වැදී ඡන්ද 48ක් ලබාගෙන ඇති අතර, ප්‍රගතිශීලි පිල නියෝජනය කළ ඩී.ඒ ධනපාල ඡන්ද 216ක් ලබා ගනිමින් සභාපති ධුරයට තේරී පත්වී සිටී.

එමෙන්ම සජිත් නාමල් කුමන්ත්‍රණ කල්ලියේ ක්‍රියාකාරියෙකු වූ ප්‍රසාද් ප්‍රසන්න පුෂ්ප කුමාර ලේකම් ධුරය සඳහා තරග කර, ඡන්ද 54ක් ලබා ගන්නා විට ප්‍රගතිශීලි පිල නියෝජනය කළ එම්.එස් ගුණතිලක ඡන්ද 208ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇත. උප සභාපති ධුර තුනම 75%කින් පමණ වැඩි ඡන්ද ලබා ගනිමින් ප්‍රගතිශීලි පිල ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව උප ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරද එවැනිම වැඩි ඡන්ද ප්‍රමාණයකින් ප්‍රගතිශීලි පිලට ජයග්‍රහණය අත්කර දී ඇත. කාරක සභික ධුර 10න් 10යම එම ප්‍රගතිශීලි පිල අත්පත් කර ගෙන සිටී.

මේ අනුව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය තුළ 17 දෙනෙකුගෙන් යුත් නිලධාරි මණ්ඩලයේ සියලුම දෙනා ප්‍රගතිශීලි කණ්ඩායම අතිවිශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කර ඇත.

රට තුළ ක්‍රියාත්මක අතිශය බලපෑම් සහගත ආයතන තුළ සිටින රාජ්‍ය සේවකයන් අති බහුතරයක් රජය සමග පරිවර්තනීය ගමනකට කැපවී සිටින බව මෙම නිලවරණයෙන් තහවුරු වී ඇත. මේ අතර වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණ වාර්තා අනුව වත්මන් ආණ්ඩුව කෙරෙහි ජන ප්‍රසාදය 65% දක්වාද සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් සිදු කළ සමීක්ෂණයේදී 78% දක්වාද ඉහළ නැග තිබෙන බවට හෙළි වී ඇත.

Facebook
Twitter
LinkedIn