නාමල්ට එංගලන්තයේදී එළියට බහින්නවත් බැරිවෙයි…

නාමල්ට එංගලන්තයේදී එළියට බහින්නවත් බැරිවෙයි…

දේශපාලන ප‍්‍රචාරක කටයුතු සඳහා තම අනුගාමිකයන් පිරිසක් සමග බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදී සිටින නාමල් රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කර තිබූ හමුවීම් දෙකම අවලංගු කර ඇත.

කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිටින රාජපක්ෂවාදීන් විසින් මෙම හමුවීම් දෙක සංවිධානය කර තිබිණි. මුලසිටම එම හමුවීම්වලට ප‍්‍රමාණවත් පිරිසක් එක් නොවෙන බව තක්සේරුකර තිබූ අතර, ඒ නිසාම නාමල් රාජපක්ෂගේ සමීපතමයන් 25කට වැඩි පිරිසක් ශී‍්‍ර ලංකාවේ සිටම රැගෙන ගොස් ඇති බව මේ වනවිට හෙළිවී තිබේ. මුලින්ම කේම්බි‍්‍රජ් විශ්විවිද්‍යාලයට සම්බන්ධ ඔහුගේ අනුගාමිකයන් සංවිධානය කර තිබූ හමුව අවලංගු කරනු ලැබීය.

ඉන්පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔහුගේ අනුගාමිකයන් අද (23) සංවිධානය කර තිබූ හමුවට එරෙහිව මතුවූ දැඩි විරෝධතා හමුවේ එම හමුවීම්ද අවලංගු කර ඇති බව ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති වාර්තා පළ කර තිබේ.

අන්තවාදී සහ ජාතිවාදි ස්ථාවරයන්ට එරෙහි වීම සහ මෙරට මහජන බදු මුදල් කොල්ල කෑම ඇතුළුව කි‍්‍රයාමාර්ග රැසක් නිසා රට බංකොලොත් කළ රාජපක්ෂ කල්ලියට එරෙහිව ප‍්‍රබල ජන මතයක් ජාත්‍යන්තරය තුළ පවා ස්ථාවර වී තිබෙන බව මෙම සිදුවීමෙන් යළිත් වරක් සනාථ වී ඇත.

Facebook
Twitter
LinkedIn