විපක්ෂයේ මන්ත්‍රීවරු 53ක් කපා හරී

විපක්ෂයේ මන්ත්‍රීවරු 53ක් කපා හරී

වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු 66 දෙනෙකු සිටින අතර, ඒ අතරින් 53 දෙනෙකු පමණ මුළුමනින් ම කපා හැර ඇති බව අනාවරණය වේ.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල දී ඇතැම් රූපවාහිනි සහ සමාජ මාධ්‍ය ඉලක්ක කර ගනිමින් ජනතාව නොමග යැවීමේ ප්‍රචාර සඳහා ප්‍රකාශ සිදු කරන මන්ත්‍රීවරු 13 දෙනෙකු පමණක් විශේෂ වරප්‍රසාද ලැබූවන් ලෙසින් සැලකිල්ලට පත් වී සිටිති. මධ්‍යස්ථ මතධාරීන් මෙන් ම, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන විපක්ෂ මන්ත්‍රීවරු සාතිශය බහුතරය මෙලෙස කැපිල්ලට මුහුණ දී සිටිති.

සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, මුජිබර් රහුමාන්, ඩී. වී. චානක, චාමර සම්පත්, චමින්ද විජේසිරි, ප්‍රසාද් සිරිවර්ධන, එස්, එම්. මරික්කාර්, අර්ජුනා රාමචන්ද්‍රන් ඇතුළු මන්ත්‍රීවරු 13 දෙනෙකු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදු කරන ප්‍රකාශවලට සුවිශේෂී ප්‍රචාරයක් විපක්ෂය විසින් ම ලබා දෙමින් සිටින බව හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn