නාමල් පුපුරා යයි

නාමල් පුපුරා යයි

ආණ්ඩුවට එරෙහිව විවිධ මාතෘකා නිර්මාණය කර ගනිමින් තම ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යාමට උත්සාහ කරන පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අලුත්ම ප්‍රයත්නය ද සම්පූර්ණයෙන් ම පිපිරී ගොස් තිබේ.

ඉන්දියාව සහ පකිස්තානය අතර ක්‍රිකට් තරඟය පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් වී සිදු කළ කාර්යභාරය අවතක්සේරු කිරීමට තොරතුරු දැන ගැනීමේ පනත පවා යොදා ගැනීමට නාමල් රාජපක්ෂ ක්‍රියාකර තිබිණි. එම දෙරට අතර අවබෝධය ගොඩ නගමින් ක්‍රිකට් තරඟය පැවැත්වීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් උත්සාහය ජාත්‍යන්තර මාධ්‍යවලින් පවා මූලාශ්‍ර උපුටා ගනිමින් වාර්තා කර තිබිය දී නාමල් ඇතුළු විපක්ෂය තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගනිමින් වියවුල් තත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම විශ්ලේෂකයන්ගේ හාස්‍යයට ලක් වී තිබිණි.

ඊයේ (16) ජනාධිපතිවරයා හමු වූ පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු සහ මත්ද්‍රව්‍ය පාලන අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා කාර්යභාරය ඇගයීමට ලක් කර ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්