නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කළ ඝාතකයින් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමේ සියළු කටයුතු මෙහෙයවා ඇති බව වාර්තා වේ.
අකුරේගොඩ ප්‍රදේශයේ දී එම ද්විත්ව ඝාතනය පසුගිය 13 වෙනි දින සවස 4.45ට පමණ සිදු කර තිබිණි. මාර්ග වාහන තදබදය උත්සන්න වෙමින් පැවති අවස්ථාවේ එම ඝාතනය කළ අපරාධකරුවන් පොලිසියෙන් බේරී පළා ගිය නමුත් මේ වනවිට සියළු තොරතුරු රැස් කර ගෙන අවසන් බව අනාවරණය වේ.
පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එම ඝාතනය පිළිබඳව විවිධ ප්‍රශ්න රැසක් නගනු ලැබීය. එයට පිළිතුරු දුන් පොලිස් නිලධාරීන් අවධාරණයෙන් පැවසුවේ ඉතාම ඉක්මනින් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බව ය.
Views: 0










