සජිත් නාමල්ගේ හීනය පැහැර ගනීද?

සජිත් නාමල්ගේ හීනය පැහැර ගනීද?

පොහොට්ටු හිතවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් සැලසුම් කරමින් තිබෙන දේශපාලනික පා ගමනේ නායකත්වය ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරිපත් වී සිටී.

එම දේශපාලනික අරමුණක් සහිත පා ගමන සංවිධානය කරන අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හමුවීමට සජිත් ප්‍රේමදාස හදිසියේ තීරණය කර ඇත්තේ තමා ද අන්තවාදී පිළ නියෝජනය කරන්නෙකු යැයි තහවුරු කිරීමට බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙති. “යන බස් එකට ගොඩවීම” සජිත් ප්‍රේමදාසගේ දේශපාලන උපාය මාර්ගය වුවද කණ්ඩායම්වල මතවාදයට යටවීම දක්වා මේ වනවිට කරණම් ගසා ඇති බවට එම නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.

ත්‍රිකුණාමලයේ අනවසර ඉදිකිරීම් වැනි අන්තවාදී සහ නීතියට පටහැණි ක්‍රියා සම්බන්ධයෙන් ඍජුව පෙනී නොසිටි සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ නාමල් රාජපක්ෂලා ද පරාජයට පත් කරමින් ඉදිරියට පැමිණීමට උත්සාහ දරන්නේ යැයි වැඩි දුරටත් පෙන්වා දී ඇත.

Facebook
Twitter
LinkedIn