චන්ද්‍රිකාත් නයි නටවන්න එක්වෙයි

චන්ද්‍රිකාත් නයි නටවන්න එක්වෙයි

මහජන මුදල් ලක්ෂ 166ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිව විභාග වෙමින් පවතින නඩුවේ චූදිතයෙකු වී සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මුල් කර ගනිමින් චන්ද්‍රිකා කුමාරතුංග X ගිණුමේ සටහනක් තබමින් ඉදිරියට පැමිණ ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග තබන ලද එම සටහනේ කොටසක් උපුටා ගනිමින් දිලිත් ජයවීර පවත්වා ගෙන යන සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබේ. “වත්මන් රජය රටේ ඉතිරිව තිබෙන රාජ්‍ය සේවයත් විනාශ කරමින් ඒ වෙනුවට පළපුරුද්දක් නොමැති පක්ෂ සාමාජිකයන් හා හිතවතුන් පත් කරන්න තීරණය කර තිබෙනවා” යනුවෙන් සඳහන් චන්ද්‍රිකාගේ සටහනේ කොටස උපුටා ගෙන ඇත. වත්මන් රජය රාජ්‍ය සේවයට කිසිදු දේශපාලන පත් කිරීමක් සිදු කර නොමැත.

එවැනි පසුබිමක් තුළ චන්ද්‍රිකා කුමාරතුංග ද නයි දෙරණ වැනි ප්‍රචාරකයන් වෙනුවෙන් විවිධ සටහන් තැබීම පිළිබඳව දැඩි විවේචන එල්ල කෙරෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn