පෘතුගාලයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට වාමාංෂික නායක ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ ජයග්‍රහණය කර තිබේ.
සමාජවාදී පක්ෂ නායක ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ 66.7%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදී අන්තදක්ෂිණාංශික ඇන්ඩ්‍රේ වෙන්චුරාට හිමිකර ගැනීමට හැකිවී ඇත්තේ 33.3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
පෘතුගාල ඉතිහාසයේ වසර 20කට පසු සමාජවාදී කඳවුරෙන් පත්වු පළමු ජනාධිපති බවට ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ පත්වේ.
ජයග්‍රහණයෙන් අනතුරුව තම පාක්ෂිකයින් අමතමින් ඔහු සඳහන් කළේ තමා සුපරික්ෂාකාරී ජනාධිපතිවරයෙකු මිස ප්‍රතිවාදීන් පෙලන්නෙකු නොවන බවය.
ඔහුට සුබපතමින් යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ යුරෝපීය වටිනාකම් තුළ පෘතුගාලයේ හඬ ශක්තිමත්ව පවතින බවය.
415










