නාරාහේන්පිට අභයාරාමයට එක් වූ තෝරා ගත් කණ්ඩායමක් රහස් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, නැවත 24 වෙනි දින දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථානයකට එක් වී පුළුල් සමාලෝචනයක් කිරීමට යොදා ගෙන ඇති බව වාර්තා වේ.
අභයාරාමයට එක් වූ පිරිස “මව්බිම සුරැකීමේ” සංවිධානයක් පිහිටුවා ගැනීමට මූලික සාකච්ඡා සිදු කර ඇත. එම සාකච්ඡාවට භික්ෂූන් වහන්සේ 12 දෙනෙකු සහ ගිහියන් 14 දෙනෙකු සහභාගී වී සිටියහ.
මෙම සාකච්ඡාවල මූලික අවධානය යොමු කර ඇත්තේ නව ව්‍යාපාරයක් පිහිටුවා එහි ඉදිරි කටයුතු පවත්වා ගෙන යාමට අරමුදල් රැස් කිරීම පිළිබඳව ය. නමුත් පොදුවේ අදහස වී ඇත්තේ මුදල් පිළිබඳ කිසිදු ගැටළුවක් නැති බවයි.
මෙම 24 වෙනි දින නැවත රැස් වී සංවිධාන ව්‍යූහයක් පිළිබඳව සහ ප්රචාරක කටයුතු පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට නියම කර ගෙන තිබේ. සමගි ජන බලවේගය, පොහොට්ටු පක්ෂය සහ මේ වනවිට කිසිදු හව්හරණයක් නොමැති පක්ෂ නියෝජිතයන් එම මූලික සාකච්ඡාවට එක් වී ඇති බව වාර්තා වේ.










