සජිත්, නාමල් තවදුරටත් පාදඩකරණයේ ඉදිරියට

සජිත්, නාමල් තවදුරටත් පාදඩකරණයේ ඉදිරියට

අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පක්ෂ දරන ලද උත්සාහය මුළුමනින් ම අසාර්ථක වීමත් සමඟ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිකුල් සහගත තත්වයට ඇද දැමීම සඳහා නායකත්වය ලබා දෙමින් සිටින බව තහවුරු වේ.

මෙයට පෙර, සතිපතා විවිධ මාතෘකා ඔස්සේ ව්‍යාජ ප්‍රචාර ගෙන යාමට තිබුණු සැලැස්ම ලංකා ටෘත් වෙබ් අඩවිය කරුණු සහිතව හෙළි කරනු ලැබීය. එමෙන් ම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් ඉලක්ක කර ගනිමින් දැඩි අපහාසාත්මක ප්‍රචාර දියත් කිරීමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව රැස්වීම් පැවැත්වීමට ඉඩ නොදී ජනතාවගේ පිළිකුලට ලක් වන තත්වයට උත්සාහ කිරීමත් සැලසුම් සහගතව කුමන්ත්‍රණ කර තිබේ.

මේ සඳහා සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඍජුවම නායකත්වය ලබා දෙන අතර, දයාසිරි ජයසේකර, චාමර සම්පත් දසනායක, චමින්ද විජේසේකර, මුජිබර් රහුමාන් ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් එක් වී සිටිති.

Facebook
Twitter
LinkedIn