
ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරීමට ඇමරිකාව විසින් ලංකාවට යම් සහනයක් ලබාදී තිබෙන බව අනාවරණය වේ.
ලංකාව ඉරානයෙන් ගෙන්වන ඛනිජ තෙල් හදිසියේ සම්පූර්ණයෙන්ම නතර නොකර යම් කිසි ප්‍රමාණයක් ඉරානයෙන් ගෙන්වීමට ඇමරිකාව විසින් එකඟතාවය පළකර තිබෙන බව පසුගිය දා පුවත් කිහිපයකම සදහන් විය.
කෙසේවෙතත්, ක්‍රම ක්‍රමයෙන් ඉරාන ඛනිජ තෙල් ආනයනය අඩුකර ලෙස ඇමරිකාව විසින් ලංකාවට දන්වා තිබෙන බව සඳහන්ය.
මීට පෙර, අදහස් කර තිබුණේ මේ ජුනි මාසයේ සිට ඉරාන ඛනිජ තෙල් මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමට සිදුවන බවටයි.
ලංකාවට අවශ්‍යවන වාර්ෂික බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 93 ක් පමණම ඉරානයෙන් ගෙන්වන අතර මේ වනවිට සෞදි අරාබියෙන් හා ඕමානයෙන් බොරතෙල් ගෙන්වීමට රජය සාකච්ඡා කරතිබේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය දැක්වීම සඳහා ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක පනවා ඇත.
මේ අතර, වාර්තා වන්නේ ඉරානයෙන් බොරතෙල් ගෙන්වීම පිළිබඳව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය හා රජයේ නියෝජිතයින් සාකච්ඡා කරමින් සිටින බවයි.









