රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු 26,095ක් සඳහා සුදුසුකම් ලත් අය බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
මේ අතර වැඩිම පිරිසක් ශ්‍රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට නියමිත ය. එම පුරප්පාඩු සංඛ්‍යාව 23,344කි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුරප්පාඩු 705ක්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධ සේවා අමාත්‍යංශයේ 452ක් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අධ්‍යාපන අමාත්‍යංශයේ පුරප්පාඩු 442ක් ආදී වශයෙන් පවතින පුරප්පාඩු පිරවීමට අනුමැතිය ලබා දී තිබේ.
මේ ආකාරයට ක්ෂේත්‍ර 20ක පවතින පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව නිර්දේශ ලබා දී ඇත.
124









