රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මෑත දී විශාල ප්‍රචාරක කටයුතු ප්‍රමාණයක් සිදු කළ නන්දන ගුණතිලක ඛේදනීය තත්වයකට ඇද දමා ඇතැයි තොරතුරු හෙළි වී තිබේ.
ඔහු අසාධ්‍ය රෝගී තත්වයෙන් ජයවර්ධන රෝහලට ඇතුලත් කර ඇති අතර, එම රෝහලේ ගාස්තු ගෙවීමට නොහැකි වී සිටි අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඔහුට උදව් කිරීමට ඉදිරිපත් නොවූ බව වාර්තා වේ. ඉතා අසීරු තත්වයට පත් පවුලේ ඥාතීන් හිතමිතුරන්ගේ ද උදව් ඇතිව රුපියල් ලක්ෂ 5කට ආසන්න ගාස්තුව ගෙවා පසුුව ඔහුව රාගම රෝහලට ඇතුලත් කර තිබේ.
පසුගිය ආසන්න කාලයේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව බරපතළ ප්‍රචාර ගෙන යාම ඇතුළු ප්‍රචාර ගණනාවකට නන්දන ගුණතිලක සම්බන්ධ විය.
358









