නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

06 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා 2026 වසරේ 06 වසර දරුවන්ගේ දෙමව්පිය එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

එහිදී විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ, ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලයේ අදාළ පාඩම හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුල දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවය.

කසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන් විසින් මෙම විරෝධතාවයේ නිරත දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට සාකච්ඡාවක් ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn