අනුර යාපා ඇතුළු 07කට එරෙහි මූල්‍ය වංචා නඩුව ජ. 27 විභාගයට…

අනුර යාපා ඇතුළු 07කට එරෙහි මූල්‍ය වංචා නඩුව ජ. 27 විභාගයට…

වර්ෂ 2014 දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස කණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජ තෙල් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාගය සඳහා ජනවාරි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවා තිබේ.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මෙම නඩුව විභාගය සඳහා ජනවාරි මස 27 වැනිදා කැඳවන ලෙස නියම කර ඇත.

එදිනට සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරු නියම කර තිබේ.

2014 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සහ ජනවාරි මස 26 වැනිදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හයදස් එකසිය දහයක (රු. 6,146,110) මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එවක ඛනිජ තෙල් විෂය භාර ඇමති වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

Facebook
Twitter
LinkedIn