හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල ඊයේ (27) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබේ.
වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මියයන විට ඇය 92 වන වියේ පසුවිය.
වර්ෂ 1946 දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.
ඇය ගීත දස දහසකට (10,000) අධික ප්රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.
සිනමාවේ සදාකාලික `ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල විරුධාවලි ලබා ඇත.
වර්ෂ 1953 දී `එදා රෑ’ චිත්රපටයෙන් `හරි හරි’ නම් ගීතයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්රපටි 600කට අධික ප්රමාණයකට තම හඬ දායකත්වය ලබාදී තිබේ.
ඇය ගීත රැසකට සම්මානයෙන් පිදුම් ලබා තිබිණි.
Views: 0










