ගිණි අවි සහ උණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට…

ගිණි අවි සහ උණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට…

ග්‍රෑන්ඩ්පාස්, ජෝෂප් වීදිය ප්‍රදේශයේදී T56 ගිනි අවියක් සහ උණ්ඩ 27ක් සමග 67 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මේ අතර, පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සොයා ගෙන තිබේ.

ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රීයේ සිදුකළ වැටලීමකදීය.

Facebook
Twitter
LinkedIn