සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු බිළින්දගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී ඇත.
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ ඒ අසිරිමත් නත්තල උදා වූ අතර ලොව පුරා දේවස්ථානවල පූජා පැවැත්විණි.
කිතුනු බැතිමත්හු අද දිනයේදී ජේසු සමිඳාණන්ගේ උපත සමරනු ලබන්නේ සාමය, මානව දයාව, ප්‍රේමය, පරෝපකාරය යනාදි ගුණ යහපත්කම් ලෝකවාසී ජනතාවට කියාපාමිණි.
නත්තල නිමිත්තෙන් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්විණි.
මීට අමතරව සාම්ප්‍රදායිකව පැවැත්වෙන කැරොල් ගී ප්‍රසංග, ජේසු බිලිඳාගේ උපත සිහිපත් කෙරෙන ගවලෙන් හා නත්තල් ගස් සහ විවිධ සැමරුම් පවත්වමින් රට පුරාම කිතුනු බැතිමත්හු නත්තල සැමරූහ.
කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලුමුවදොර අවට සහ කොළඹ වරාය මෙන්ම රටපුරා නගර නත්තල් දිනය සැමරීම වෙනුවෙන් අලංකාර කර තිබේ.
මෙම නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.










