ජනතාව නැගී සිටී – නාමල් කිච වෙයි

ජනතාව නැගී සිටී – නාමල් කිච වෙයි

ව්‍යසනයෙන් පීඩාවට පත් වී සිටින ජනතාව හමුවෙන මුවාවෙන් ව්‍යාජ ප්‍රචාර ගෙන යාමට උත්සාහ කළ නාමල් රාජපක්ෂට එරෙහිව ජනතාව දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

ඊයේ (17) නාවලපිටියේ දී දරණ ලද එවැනි ප්‍රයත්නයකට එරෙහිව නැගී සිටි ජනතාව හමුවේ නාමල් රාජපක්ෂ තම දේශපාලන නිර්ලජ්ජිත බව හකුලා ගනු ලැබීය. විපතට පත් වූ ජනතාවට රජයෙන් ලබා දෙන ආධාර සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදයක් පවතින බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට ගිය නාමල් රාජපක්ෂට ජනතාව මේ ආකාරයෙන් විරෝධය පළ කරනු ලැබීය.

ස්වාභාවික ව්‍යවසනය වූ සැනින් ජන ජීවිත නගා සිටුවීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගනු ලැබීය. එහෙත් නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර ප්‍රමුඛ පිරිසක් විපතට පත් වූ ජනතාව මතින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට දිගින් දිගටම ප්‍රයත්න දරමින් සිටින අතර, මහජනතාවගෙන් එලෙස විරෝධයක් එල්ල වීමට පටන් ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn