පාසල් සිසුන්ට තවත් සහනයක්… රටය ළි ගොඩනගන අරමුදලට ගුරුවරුත් දායකවෙයි…

පාසල් සිසුන්ට තවත් සහනයක්… රටය ළි ගොඩනගන අරමුදලට ගුරුවරුත් දායකවෙයි…

අයහපත් කාලගුණික තත්වය මත රට පුරා ඇති වූ ආපදාවන් සළකා ලංකා ගමණා ගමණ මණ්ඩලය විසින් පාසල් සිසුන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් තවත් සහනයක් ලබා දී තිබේ.

ඒ අනුව, පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් දෙසැම්බර් මාසයේද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.

මේ අතර ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වු අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට ගුරුවරු සුදානම්ව සිටන බව කම්කරු නියෝජ්‍ය ඇමති, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn