ඉල්ලන ගේමට ලෑස්තියි

ඉල්ලන ගේමට ලෑස්තියි

රටේ සමස්ත ජනතාව ම දරුණු ව්‍යසනයකට මුහුණ පා සිටිය දී සංවිධානාත්මකව සහ කුමන්ත්‍රණකාරී ලෙස ගෙන යමින් සිටින ජනතාව බිය වද්දන ප්‍රචාර, විකෘති කිරීම් සහ සාපරාධී අපහාස කිරීම් මෙන් ම, සමස්ත රාජ්‍ය සේවය ම බිය වැද්දීමේ ක්‍රියා සිදු කරන්නන්ට එරෙහිව හදිසි නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව රජය ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ (02) පොලිස් නිලධාරීන් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හමුවේ එම ක්‍රියා මාර්ගවලට අදාළ නීතිමය පසුබිම පැහැදිලි කර දුන්නේ ය. හදිසි නීති රෙගුලාසි යටතේ අත්තඩංගුවට ගන්නේ සැකකරුවන් නොව, ඍජුව ම චූදිතයන් බවත් ඔවුන් මහාධිකරණය ඉදිරියට පමුණුවා නීතිය ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නේ ය.

එම පැහැදිලි කිරීමට අදාළ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn