රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් සමග ඊයේ (20) අත්අඩංගුවට ගත් බෝට්ටුවට අවශ්‍ය රුපියල් ලක්ෂ 25ක මුදල ලබා දී ඇත්තේ ‘අයියා’ ලෙසින් හඳුන්වන සමගි ජන බලවේගයේ සංවිධායකයා බව මේ වනවිට අනාවරණය වී ඇත.
ඔහු පන්නල ප්‍රාදේශීය සභාවට සඳලංකාව කොට්ඨාශයෙන් තරග කළ අපේක්ෂකුද වේ.
එමෙන්ම තවද ඔහු බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් පහසුකම්ද ලබාදුන් බවත් අත්අඩංගුවට ගත් අනෙක් පිරිසෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී පාපෝච්ඡාරණය කර තිබේ.
හලාවතින් මුහුදු ගොස් ඇති එම ධීවරයින් අතර මාතර ගන්දර ප්‍රදේශයේ ධීවරයෙකුද සිටී.
ඔවුන් පොලිසියට පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉරාන බෝට්ටුවකින් තමන්ට ලබාදුන් බවය.
මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් 06දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඔවුන්ගෙන් මෙම තොරතුරු අනාවරණ කරගැනීමට පොලිසියට මේ වනවිට හැකිව තිබේ.
‘අයියා’ නමින් හඳුන්වන වසන්ත ජයකොඩි නම් මෙම සමගි ජන බලවේගයෙන් පන්නල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකකයා ඊයේ රාත්‍රියේම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම යාත්‍රාවෙන් මත්ද්‍රව්‍යවලට අමතරව රිවෝලර් වර්ගයේ ගිනිඅවි 02ක් සහ ඊට භාවිතකරන මැගසින් 02ක්ද සොයාගනු ලැබීය. එම ගිනි අවි දෙක අතර මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක්ද තිබී ඇත.










