G20 වාර්තාව නිකුත් වෙද්දී, ද අප්‍රිකානු සමුළුවට ඇමරිකාව බෑ කියයි !

G20 වාර්තාව නිකුත් වෙද්දී, ද අප්‍රිකානු සමුළුවට ඇමරිකාව බෑ කියයි !

දකුණු අප්‍රිකානු රජය විසින් සුදු ජාතික ගොවි ප්‍රජාවට එරෙහිව “ජාතිවාදී පහර දීම් හා ඝාතණ “සිදු කරන බව පවසමින් නොවැම්බර් 22 හා 23 දිනවල එරට පැවැත්වෙන G20 සමුළුවට ඇමරිකාවේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු සහභාගී නොවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි. කෙසේ වෙතත් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද G20 වාර්තාවකට අනුව ලෝකය පුරා අසමානත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස කඩා වැටීමේ අවධානමකට ලක් වී ඇති අතර ට්‍රම්ප් පරිපාලනය විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ හා තීරුබදු ප්‍රතිපත්තිය එයට එක් හේතුවක් වී ඇති බව ද පෙන්වා දේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ඔහුගේ Truth සමාජ ජාලයේ නිවේදනය කළේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත G20 සමුළුවට කිසිදු එක්සත් ජනපද නිලධාරියෙකු සහභාගී නොවන බවයි, එහිදී එක්සත් ජනපදය උප ජනාධිපති JD Vance විසින් නියෝජනය කිරීමට නියමිතව තිබුණි.

“G20 සමුළුව දකුණු අප්‍රිකාවේ පැවැත්වීම ඒ සංවිධානයට කරනු ලබන අපකීර්තියක්,” යැයි පවසන ට්‍රම්ප් ජනාධිපති එරට සුදු ජාතික ගොවීන්ට පීඩා කිරීම සහ ඝාතනය කිරීම පිළිබඳ සාක්ෂි නොමැතිව චෝදනා ඉදිරිපත් කරනු ලබන බව ප්‍රංශ ලිබරල් පුවත් පතක් වන figaro පුවත්පතද පෙන්වා දෙයි. නමුත් ට්‍රම්ප් ජනාධිපති පවසන්නේ “මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දිගටම පවතින තාක් කල් එක්සත් ජනපද රජයේ කිසිදු නියෝජිතයෙකු දකුණු අප්‍රිකාවේ කිසිදු රාජ්‍ය උත්සවයකට සහභාගී නොවනු ඇත.” යනුවෙනි.

මැයි මාසයේදී ධවල මන්දිරයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාට ඔහුගේ චෝදනා සනාථ කිරීම සඳහා දෝෂ සහිත වීඩියෝවක් ප්‍රදර්ශණය කරනු ලැබිණි. නමුත් දකුණු අප්‍රිකාව එය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. ඉන්පසු ට්‍රම්ප් පවසා සිටියේ අප්‍රිකානු මහාද්වීපයේ පැවති පළමු G20 සමුළුවට සහභාගී නොවන බවත්, ඔහු නියෝජනය කරන්නේ JD Vance බවත් නිවේදනය කළේය. නමුත් ඒ හා සමානව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ G20 අමාත්‍ය රැස්වීම් වර්ජනය කරනු ලැබුවේ ට්‍රම්ප් ගේ බලපෑම හමුවේය. නමුත් ඔහු ඊයේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ ඇමරිකානු කිසිදු නියෝජිතයකු නොවැම්බර් සමුළුවට සහභාගී නොවන බවය.

මෙම සිදුවීම හේතුවෙන් රාමෆෝසාගේ වොෂින්ටන් සංචාරය අතරමග නවතා දැමු අතර, එය එක්සත් ජනපදය සමඟ ඇති ආතතීන් සමනය කිරීම සහ සුදු දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව්‍යාපාරයක් පිළිබඳ මෙම කුමන්ත්‍රණ න්‍යාය පතුරුවා හැරීම නැවැත්වීමට ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීම එම සංචාරයේ අරමුණු කර ගෙන තිබුණි. ට්‍රම්ප්ගේ මෙම දකුණු අප්‍රිකාවට එල්ල වූ ප්‍රහාර ඔහුගේ දෙවන පදවි ප්‍රාප්තියට ටික කලකට පසුව ත්‍රිව කරන ලදී. පෙබරවාරි මාසයේදී, දකුණු අප්‍රිකාවේ සුදු ජාතික සුළුතරයකට හිමි 80%ක ඉඩම් නැවත අත්පත් කර ගැනීමේ නීතියකට අදාළව එරට පැනවූ නීතියක් හේතුවෙන් මානව හිමිකම් එය උල්ලංඝනයණයක් ලෙස උපුටා දක්වමින්, දකුණු අප්‍රිකාවට ආධාර අත්හිටුවීමේ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තැබීය. දකුණු අප්‍රිකාවේ සුදු අප්‍රිකානර් ගොවීන්ට එරෙහිව “ජන සංහාරයක්” සිදුවෙමින් පවතින බවට ට්‍රම්ප් එමගින් ප්‍රකාශ කර සිටියේය.

G20 කණ්ඩායම යනු රටවල් 19 කින් සහ කලාපීය සංවිධාන දෙකකින් (යුරෝපීය සංගමය සහ අප්‍රිකානු සංගමය) සමන්විත ජාත්‍යන්තර සංවිධානයක් වන අතර සමස්ත ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%කට වඩා මෙම සාමාජික රටවල් නියෝජනය කරයි.

මේ හා සමානව ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් අප්‍රිකානු රටක් වන නයිජීරියාව ද පසුගිය ගිය දා ඉලක්ක කර ගනු ලැබුවේය. එහිදී ඔහු එරට කිතුනුවන්ට හිංසා පීඩා කිරීම උපුටා දක්වමින් එයට මැඩ පැවැත්වීමට සන්නද්ධ යුධ මැදිහත්වීමේ සිදු කරන බවට ද තර්ජනය කළේය. “නයිජීරියාවේ ආගමික හිංසනයක් පෙන්වමින් සිදු කරන විදේශ ප්‍රකාශ පදනම් විරහිතයි,” යැයි නයිජීරියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ඩූනෝමා උමාර් අහමඩ් එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේය.

“මෙම මානව හිමිකම් උල්ලංඝනයන් දිගටම පවතින තාක් කල්, එක්සත් ජනපද රජයේ කිසිදු සාමාජිකයෙකු (මෙම G20 සමුළුවට) සහභාගී නොවනු ඇත. 2026 G20 සමුළුව ෆ්ලොරිඩාවේ මියාමි හි පැවැත්වීමට මම බලාපොරොත්තු වෙමි,” යයි ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා සිටියේය.

නොවැම්බර් 22 සහ 23 යන දිනවල G20 සමුළුවට සහභාගී වීම සඳහා ජොහැන්නස්බර්ග් වෙත යාමට නියමිතව සිටි එක්සත් ජනපද උප ජනාධිපති JD Vance ඒ අනුව මෙම සංචාරය සිදු නොකරනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු අප්‍රිකාවේ දේශීය හා විදේශ ප්‍රතිපත්ති සමඟ එකඟ නොවේ – ප්‍රිටෝරියා හි ඉඩම් ප්‍රතිපත්තිය සහ ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය සඳහා ඊශ්‍රායලයට එරෙහිව ගාසා නඩුව ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීමද එයට හේතු වී ඇත.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ මැදිහත් වීමෙන් G20 කණ්ඩායමේ නොවැම්බර් 04 වැනිදා නිකුත් වූ වාර්තාවක් පෙන්වා දෙනුයේ ගෝලීය වශයෙන් අසමානතා පරතරය ඇති වීමට ඇමරිකානු ජනාධිපතිගේ ජාත්‍යන්තර වෙළඳ හා බදු ප්‍රතිපත්තිය ඍජුවම බලපා ඇති බවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් විසින් අධීක්ෂණය කරන ලද මෙම කෘතිය, වඩාත්ම අසමාන සමාජයන් මුහුණ දෙන ප්‍රජාතන්ත්‍රවාදී අස්ථාවරත්වයේ අවදානම් අවධාරණය කරනු ලබන අතර එයට එරෙහිව ශක්තිමත් ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් මූල්‍ය ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව පෙන්වා දේ. ගෝලීය පරිමාණයෙන් අතිශයින් ගැඹුරු අසමානතාවයන්ගේ ආර්ථික, සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවිපාක පිළිබඳව එය අනතුරු අඟවයි. 2000 සිට 2024 දක්වා කාලය තුළ නිර්මාණය කරන ලද ධනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ජනගහනයෙන් ධනවත්ම 1% විසින් රැස් කර ඇති අතර, දුප්පත්ම 50% ක් ලබා ගත්තේ 1% ක් පමණක් බව ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් කණ්ඩායම විසින් ලියන ලද මෙම වාර්තාවේ දැක්වේ.

චීනයේ දරිද්‍රතාවය පහත වැටීම හේතුවෙන් ලෝක වැසියන් අතර අසමානතාවය යම් ප්‍රමාණයකට අඩු වී ඇත, නමුත් බොහෝ රටවල එය පුළුල් වී ඇත. පසුගිය දශක දෙක තුළ අසමානතාවය සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බවත් එය වර්තමානය වන විට ආර්ථික ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය ගැටලුවක් බවත් මෙම වාර්තාව තහවුරු කරයි. ධන විෂමතා අඩු කිරීම සහ වර්ධනය, දරිද්‍රතාවය සහ පාලනය කෙරෙහි ඒවායේ බලපෑම අවම කිරීම අරමුණු කරගත් පියවර මාලාවක් එය නිර්දේශ කරයි. ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 90% ක් නියෝජනය කරන රටවල් වලින් 83% ක්, ලෝක බැංකුව විසින් “ඉහළ” ලෙස වර්ගීකරණය කරන ලද අසමානතාවයේ මට්ටම් පෙන්නුම් කරන බව ද ලේඛනයේ දැක්වේ. මෙම විෂමතා, වාර්තාවේ සඳහන් කරන පරිදි, දරිද්‍රතාවයට, අස්ථිර රැකියාවලට සහ ආහාර අනාරක්ෂිතභාවයට වැඩි නිරාවරණයක් බවට පරිවර්තනය වේ.

මෙම තත්වයට මුහුණ දෙන විට, G20 වාර්තාව ක්‍රියාමාර්ග කිහිපයක් ද නිර්දේශ කරයි. ප්‍රධාන එක වන්නේ දේශගුණික විපර්යාස සඳහා පිහිටුවා ඇති IPCC ආකෘතියට අනුව, අසමානතාවයේ පරිණාමය නිරීක්ෂණය කිරීම සහ එහි හේතු විශ්ලේෂණය කිරීම සඳහා වගකිව යුතු ස්ථිර විද්‍යාත්මක ආයතනයක් වන අසමානතාවය පිළිබඳ ජාත්‍යන්තර මණ්ඩලයක් නිර්මාණය කිරීමයි. ලෝක අසමානතා ආයතනයේ ද සහාය ඇතිව මෙම යෝජනාව, එකඟ වූ දත්ත මත පදනම්ව රාජ්‍යයන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරන අතර ගෝලීය බදු ප්‍රතිසංස්කරණ සඳහා ද නව යෝජනා ඉදිරිපත් කරයි. බදු ප්‍රගතිශීලීත්වය වැඩිදියුණු කිරීම, විශාල බහුජාතික සමාගම්වලට ඉහල බදු අය කිරීම සහ බදු පැහැර හැරීමට එරෙහිව සටන් කිරීම සඳහා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම එහි තවත් නිර්දේශ වේ. ආර්ථික ගෝලීයකරණය තුලින් ලබා ගන්නා ආදායම් වඩාත් සාධාරණ ලෙස නැවත බෙදා හැරීමක් සහතික කරන ලෙස ඉල්ලා සිටින ලෙස ද මෙම වාර්තාව තවදුරටත් ඉල්ලා සිටි.

ආදායම් විෂමතා සහ අවස්ථාවන්ට ප්‍රවේශ වීමේ හිඩැස් අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්හි – සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් – ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය ද විශේෂඥයින් අවධාරණය කරයි. ඵලදායිතාවයට සහාය වීමට සහ අසමානතාවයන් පුළුල් වීම වැළැක්වීමට මෙම ආයෝජන අත්‍යවශ්‍ය බවටද වාර්තාව අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්