අත්සන නිසා රස්සාවෙන් එළියට වීසි කරයි

අත්සන නිසා රස්සාවෙන් එළියට වීසි කරයි

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසගේ පිය වන රණසිංහ ප්‍රේමදාස, ජේආර් ජයවර්ධන ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව පෙත්සමකට අත්සන් තැබූ ඩබ්ලියු. ඩී. අමරදේව ගුවන් විදුලි සංස්ථාවේ රැකියාවෙන් ඉවත් කළ ආකාරය හෙළි කෙරේ.

ඩබ්ලියු. ඩී. අමරදේව අනුස්මරණය කරමින් අරුණ ගුණරත්න, රංජන අමරදේව සමඟ කළ සාකච්ඡාවක දී මේ බව සාකච්ඡා කර තිබේ. මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක එම තනතුරෙන් පහ කළ ආකාරයේ මුල්ම දේශපාලන පළි ගැනීම ජේආර් ජයවර්ධන ඇතුළු පිරිස සිදු කර ඇත. සිරිමාවෝ බණ්ඩාරනායකට එරෙහිව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර 1980 ඔක්තෝබර් 10 වෙනි දින ප්‍රජා අයිතිය අහෝසි කළේය.

අමරදේව අනුස්මරණය කරමින් පවත්වන ලද සාකච්ඡාව ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn