සුරා බදු දෙපාර්තමේන්තුවේ මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පසුගිය ජුනි මාසයේ කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේදී රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකකින් රුපියල් දසකෝටි විසි ලක්ෂයක් (රු. 102,000,000) කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව ය.
පසුගිය ජුනි මස 05 වනදා මෙම සැකකරුවන් විසින් අදාළ රන් භාණ්ඩ වෙළඳසැල් දෙකට නීත්‍යානුකූල වැටලීමක් සිදුකරන මුවාවෙන් පැමිණ එම වෙළඳසැල්වලින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සහ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඉන් සිව්දෙනෙකු සතුව නීතිවිරෝධී ලෙස ගෙන්වූ දුම්වැටි තිබූ බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අනතුරුව සිය භාරයට ගත් මුදලින් රුපියල් කෝටි 05ක් නැවත ඔවුන්ට ලබා දී ඇති බවටද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවුරුදු 30ත් 46ත් අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුන් බව පොලිසිය පවසයි.
ඔවුන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.










