කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් කාන්තාවන්ගේ පූර්ණ ප්‍රගමනය තවදුරටත් සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.
චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව අද (13) ආරම්භ විය.
එහිදී ඔහු `කාන්තාවන්ගේ පූර්ණ නව ප්‍රගමනය වේගවත් කිරීම උදෙසා බෙයිජිං ලෝක කාන්තා සමුළුවේ ජීවගුණය ප්‍රචලිත කරමු’ යන මැයෙන් දේශනයක් සිදු කළේය.
වසර 30කට පෙර බෙයිජිං හි පැවති ලෝක කාන්තාවන්ගේ සිව්වන සමුළුවේ දී සංධිස්ථානාත්මක බෙයිජිං ප්‍රකාශනය' සහමෙහෙයුම් මාර්ගෝපදේශය’ සම්මත කෙරුණු බව ජනාධිපති ෂී ජින්පිං එහිදී පැවසීය. ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය යුගයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් ලෙසට එහිදී අවධාරණය කෙරුණු අතර, සමස්ත ලෝක වාසීන් ඒ සඳහා අඛණ්ඩව කැපවීම ඉන් දිරිගැන්වූ බවද ඔහු කියා සිටියේය.
ඉදිරිය දෙස බලා, කාන්තාවන් පිළිබඳ බෙයිජිං ගෝලීය නායක සමුළුවේ මුල් අභිලාෂයන් සිහිපත් කරමින් කාන්තා ප්‍රවර්ධන ව්‍යායාමයේ අංගසම්පූර්ණ සංවර්ධනය තවත් වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා පුළුල් එකඟතාවකට එක් වෙමින් වඩාත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු යැයිද ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළ අතර මේ සඳහා සිව්වැදෑරුම් යෝජනාවලියක්ද ඔහු ඉදිරිපත් කළේය.
එහි පළමුවැන්න, කාන්තාවන්ගේ සංවර්ධනයට හිතකර පරිසරයක් පොදුවේ නිර්මාණය කළ යුතු යන්නයි.
දෙවනුව, කාන්තා ප්‍රවර්ධනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කිරීමට බලවත් ගාමක බලයක් ලබා දිය යුතුය යන්නයි.
තුන්වනුව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහතික කිරීමේ පරිපාලන සමස්තයක් පොදුවේ ගොඩනැගිය යුතුය යන්නයි.
සිව්වනුව, ගෝලීය කාන්තාවන්ගේ සහයෝගතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ නව පරිච්ඡේදයක් එක්ව නිර්මාණය කළ යුතුය යන්නයි.
මේ අතර, ලොව පුරා කාන්තා සංවර්ධනයට තවදුරටත් සහාය වීම සඳහා ඉදිරි වසර පහ තුළ චීනය එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයට ඇමරිකන් ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පිං මෙහිදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර සංවිධාන සමඟ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගිතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, ඇමරිකන් ඩොලර් මිලියන 100ක ගෝලීය සංවර්ධන සහ දකුණු-දකුණු සහයෝගිතා අරමුදලක් ලබා දීමටද චීනය සැරසෙන බවද එහිදී පැවසීය.
කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට ප්‍රමුඛත්වය දෙමින්, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන ක්ෂේත්‍රයේ “කුඩා පරිමාණ මෙන් ප්‍රයෝජනවත්” ව්‍යාපෘති 1,000කට ආධාර ලබා දීමට නියමිත බවත් හුවමාරු සහ පුහුණුව සඳහා චීනයට පැමිණෙන ලෙස කාන්තාවන් පනස් දහසකට ආරාධනා කෙරණ බවත් ජනාධිපති සඳහන් කෙළ්ය.
කැපී පෙනෙන ප්‍රවීණ කාන්තාවන් පිරිසක් බිහි කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ කාන්තාවන්ගේ නිපුණතා සංවර්ධන සහයෝගීතාවය පැවැත්වීමට චීනය අපේක්ෂා කරන බවද මේ සඳහා “ගෝලීය කාන්තා නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමට දායක වීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රකාශ කළේය.










