කොකේන් ක‍ිලෝ 03ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කොකේන් ක‍ිලෝ 03ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් කිලෝග්‍රෑම් 02ක් නිවසක තිබී සොයාගෙන ඇති අතර සුඛෝපභෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටියදී අනෙක් කිලෝග්‍රෑම් 01 සොයාගෙන ඇත.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 15කට අධික බවඅ පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් සතුව තිබී මේ වනවිට සේවයේ සිටින පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් සොයාගෙන ඇති අතර මොවුන් මෙම මත්ද්‍රව්‍ය තරු පන්තියේ හෝටල්වල ඇති රාත්‍රී සමාජ ශාලා වෙත අලෙවි කරන බවට අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම ඩුබායි හි සිටන පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්